ලංකාවේ මිනිස්සු දියුණු නොවීමට හේතුව සරලව

ඕනෑම රාජ්‍යයක “මිනිස්සු” එහෙමත් නැත්නම් සමාජය දියුණු වීමට නම් ඔවුන්ගේ සෞඛ්‍යය, වාසස්ථාන, අධ්‍යාපනය සහ පුද්ගල සුභසාධනය අනිවාර්යයෙන් කාලානුරුපීව වැඩි දියුණු කළ යුතුය. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ පැවතුම් ක්‍රමයෙන් දියුණු වන්නේ එවිටය. ඒ සඳහා බුහුටි සැලසුම් හදා දක්ෂ ලෙස ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා සෑහෙන මුදල් වියදම් කළ යුතුය. එම වියදම් […]

සිංහරාජය සහ මහාමාර්ගය

සිංහරාජය සහ මහාමාර්ගය ගැන ගැටෙන බොහෝ දෙනා සහ මේ ගැන අසන කියවන හිතන බොහෝ දෙනා “සිංහරාජ වැසිවනාන්තරය” යනු කුමක්දැයි, එය වැදගත් වන්නේ මන්දැයි, සහ එය කළමනාකරණය කළ යුත්තේ කෙසේදැයි කියා දන්නා බවක් පෙනෙන්නට නැත. ඒවා ගැන සාධාරණ විද්‍යාත්මක අවබෝධයක් තිබේ නම් මෙම ගැටලුව මුලින්ම ඇති වන්නේවත් නැත.  විද්‍යාව (බටහිර වුනත් […]

මගේ මග 

හොඳ සහ නරක පිලිබඳ සංකල්පය හෙවත් සදාචාරයේ මාලිමාව මිනිසාට ලැබෙන්නේ කෙසේද? ඉතිහාසය පුරා ඇසුණු මේ පැනය අදටත් විවාදාපන්නය. හොරකම් කිරීම “නරක” සහ හොරකම් නොකිරීම “හොඳ” වෙන්නේ කෙසේද? මිනී මැරීම “නරක” සහ මිනී නොමැරීම “හොඳ” වන්නේ කෙසේද? සතුන් මැරීම ඇතැමුන්ට “නරක” සහ ඇතැමුන්ට “හොඳ” වන්නේ කෙසේද? ඇතැම් සතුන් මැරීම “නරක” සහ […]

ශ්‍රී

“සෙල්වනායගම් යනු දෙමළ වැසියන්ය. දෙමළ වැසියන් යනු සෙල්වනායගම්ය.” යනුවෙන් සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා වරක් පවසා තිබේ. එස්. ජේ. වී. චෙල්වනායගම් හෙවත් සෙල්වනායගම් යනු නූතන සිංහල-දෙමළ අර්බුදයේ නොමැකෙන චරිතයකි. මහත්මා ගාන්ධිගේ අවිහිංසා ප්‍රතිපත්තියෙන් සිය ජනතාවගේ අයිතීන් දිනාගත හැකි යැයි විශ්වාස කළ ඔහු ගැන අපූරු කතාවක් මට පසුගියදා අසන්නට ලැබිණි. ඒ ඩොමිනියන් ඔෆ් […]

මැටි වැඩ සහ මැටි මොළ

පළමුව කිව යුත්තේ මෙය කියවා කිසිවෙකුත් මා ඇමතීමට උත්සාහ නොගත යුතු බවයි. මැටි කර්මාන්තය නගා සිටුවීමට යම්කිසි මහාචාර්යයෙකු විසින් සිදු කළ යෝජනා සහ ඔහුට මැටි විෂයභාර අමාත්‍යංශයෙන් ලැබුණු ආදරණීය දුරකථන ඇමතුමක් ගැන ලියැවුණු ළාමක පෝස්ටුවක් දුටිමි. මැටි වැනි ස්වභාවික අමුද්‍රව්‍යයකින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකි නම් එය ඉතා හොඳ දෙයකි. දීර්ඝකාලීන […]

ජාතිය නසන ජාතික(ත්)ත්වය

පසුගිය ජනපතිවරණ සමයේ “ජාතික සමතා බලවේගය” නමින් ව්‍යාපාරයක් දියත් විය. එහි මූලිකත්වය ගත්තේ මා ගරු කරන සංඝයා වහන්සේ කිහිප නමකි. එහි සමාරම්භක උත්සවයට මා නරඹන්නෙකු ලෙස සහභාගී විය. එහිදී අදහස් දැක්වූ එක් උගත් හිමි නමක් “සමතාව” යන අලුත් යෙදුම පැහැදිලි කළේ ඒ ඒ විවිධ ජාතීන්ට ඒ ඒ ජාතික ප්‍රමාණයෙන් සැලකිම […]

අර්බුද 2020 

ලංකාවේ වැසියන් වේගයෙන් සමාජාර්ථික වගුරක එරෙමින් තිබේ. මේ ඒ පිළිබඳව කෙටි හැඳින්වීමකි.   1) ජනපති රජෙකු ලෙස සැලකීම ලංකාවේ බහුතර වැසියන්ට ප්‍රජාතන්ත්‍රය වටහා ගැනීමට ධාරිතාවයක් නොමැත. ඔවුන් සිතන්නේ ජනපති යනු “රජෙකු” වැනි කෙනෙකු කියාය. තම රැකියාව අහිමි වීම, සහල් මිල වැඩි වීම, දුර්ලභ වනජීවීන් මරා දැමීම, පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම, […]

පුද්ගල ප්‍රහාර  (ad hominem) ප්‍රතිවාදියා ඉදිරිපත් කරන තර්කයට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලික කාරණා හෝ චෝදනා ඉදිරිපත් කිරීම මගින් ප්‍රතිවාදියාගේ තර්කය වැරදි යැයි හැඟවීමට උත්සාහ දැරීම. උදාහරණය: රාමායණය පුරාවෘතයේ එන කිසිදු සිදුවීමක් හෝ චරිතයක් විද්‍යාත්මකව ඔප්පු කළ හැකි සාක්ෂි හමු වී නොමැති නිසා එහි එන රාවණා ඇතුළු චරිත සත්‍යය නොවේ යැයි […]

YOU AIN’T BLACK

 “If you have a problem figuring out whether you’re for me or Trump, then you ain’t black” said Joe Biden to an interviewer last week. That racist remark by the US presidential candidate of the Democratic party has caused an uproar on social media. #YouAintBlack and #JoeBidenIsARacist were trending on […]

“යූ එයින්ට් බ්ලැක්”

“ඔබ මට ඡන්දේ දෙන්නෙ නැත්නම් ඔබ කළු ජාතිකයෙක් නොවෙයි” යනුවෙන් ජෝ බයිඩෙන්, ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකයා විසින් කළ නින්දිත ජාතිවාදී ප්‍රකාශයක් අද සමාජ මාධ්‍ය කළඹවමින් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතික වැසියන් සාම්ප්‍රදායිකව ඡන්දය දෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටය. නමුත් එසේ ඡන්දය දුන්නා කියා කළු ජාතිකයන් විසින් මුහුණ දෙන සමාජාර්ථික ගැටලු […]

Menu