Content in category Sinhala

ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මාර පොරකි. ඔහු බියර් එකක්, වයින් වීදුරුවක් හෝ කිසිදු මත්පැන් වර්ගයක් බොන්නේ නැත. ඔහු කියන ආකාරයට ඔහු කිසිදා බීලත් නැත. ඇතැම් වෙබ් අඩවි කිහිපයක් එය බොරුවක් යැයි කීමට උත්සාහ දරා ඇතත් එවැනි කිසිදු නිශ්චිත සාක්ෂියක් නැත.  ඔහු නොබොන්නේ ඇයි? ඔහුගේ වැඩිමහල් සහෝදරයා බීමට ඇබ්බැහි වී සිය ජීවිතය […]

ලාභ සත්කාරයට ගිජුව උදම් ඇනීම

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වී ඒවා ගැන ප්‍රසිද්ධියේ උදම් අනන භික්ෂූන් අද සුලබයි. ඇතැම් උපාසක උපාසිකාවන් ඒවාට “සාධු සාධු” කියා දොහොත් මුදුන් දී අනුමත කරනවා. නමුත් ඒ ගැන බුදුන්වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ කුමක්ද? බුදුන්ට අනුව “ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හරි දරුණුයි කටුකයි නපුරුයි.” ඒවා පසුපස යමින් උදම් ඇනීම ශ්‍රේෂ්ඨ […]

හරි ප්‍රශ්නය ඇසීම

වරක් බුදුන්වහන්සේ මහණුන් අමතා මෙහෙම ප්‍රකාශ කරනවා “මහණෙනි, සත්ත්වයන්ගේ පැවැත්මට උපකාර වන ආහාර වර්ග හතරක් තිබෙනවා. ඒ තමයි 1) කබලිංකාර ආහාර, 2) ස්පර්ශය, 3) මනෝසංචෙතනා, 4) විඤ්ඤාණ යන හතර.” එවිට එක් භික්ෂුවක් බුදුන්ගෙන් අහනවා “ස්වාමීනි, විඤ්ඤාණ ආහාරයට ගන්නේ කවුද?” බුදුන්වහන්සේ පිළිතුරු දෙනවා “එය වැරදි (නුසුදුසු) ප්‍රශ්නයක්. මා කීවේ නැහැනේ මේ […]

කාලීන ධර්ම සාකච්ඡා – උසස් හෝ පහත් හෝ බව – අග්ගඤ්ඤ සූත්‍රය

සමහරු කියනවා නේද “අපේ ජාතියේ මිනිස්සු තමයි උසස්. අනෙක් ජාතිවල මිනිස්සු පහත්. අපේ ජාතියේ මිනිස්සු සුදුයි ලස්සනයි. අනෙක් ජාතිවල මිනිස්සු කළුයි කැතයි. අපේ ජාතියේ මිනිස්සු ශුද්ධයි. අනෙක් ජාතිවල මිනිස්සු අශුද්ධයි.” වැනි කතා. වර්ග, ජාති, ආගම්, කුල, ගෝත්‍ර, ලිංග, පුරවැසි, ප්‍රදේශ, අධ්‍යාපන, රැකියා, පක්ෂ ආදී විවිධ අනන්‍යතාවයන් අනුව ඔය උසස්-පහත් බෙදීම […]

මහමැතිවරණය එපා කියන 10 දෙනා

සත්‍යය නම් සියලු තාන්ත්‍රික පක්ෂ සහ ඒවායේ වහලුන් මහමැතිවරණයට හොඳටම බිය වී සිටීමය. කොරෝනා පිට දමා මහමැතිවරණය නොපැවැත්වීමට යත්න දරන විවිධ කණ්ඩායම් සිටී. මේ ඉන් සමහරකි. 1) පොහොට්ටුවට විරුද්ධ සියලු පක්ෂ ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කර ජනරජය අස්ථාවර කර, ජනපති සහ අගමැති ද්විත්ව බන්ධනයකට හිර කර නැවත […]

මහමැතිවරණය පැවැත්විය යුත්තේ ඇයි? සරලව

මහමැතිවරණය යනු ජනරජයේ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවට සාමාජිකයන් 196 දෙනෙකු (මන්ත්‍රීවරුන්) සර්වජන ඡන්දයෙන් තෝරා ගන්නා වරණය යි. 196 හැදෙන්නේ දළ වශයෙන් සෑම වැසියන් 80,000 කට පමණ එක නියෝජිතයෙකු සිටිය යුතුය යන ආවස්ථික පදනම මතය. ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් මිලියන 16 ක් පමණ සිටී. එය 196 න් බෙදූ විට 82,000 ක් පමණ අගයක් […]

කොරෝනා සමග ජීවත් වෙන හැටි සරලව

හෙට සිට ජනරජය නැවත ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනු ඇත. ඒ සඳහා ජනරජවැසියන් ලෙස අප විසින් කළ යුතු දේ මොනවාද?   කායික දුරස්ථනයට පුරුදු වෙන්න. පසුගිය මාසයක් පමණ ඔබ කළේ සමාජ දුරස්ථනය යි. එනම් සමාජ ආශ්‍රයෙන් වෙන් වී නිවසේ හුදකලාව වාසය කිරීමයි. කායික දුරස්ථනය යනු සමාජයේ සාමාන්‍ය කටයුතු කරන අතරම […]

2020 ලංකාව – පූර්විකා 1

“පවතින තත්ත්වයට හැඩ ගැසීමට පුදුම හැකියාවක් මිනිසාට ඇත” යැයි ආතර් සී. ක්ලාර්ක් මහතාගේ පොතක ලියා තිබුනා මට මතකය. මා හිතන හැටියට මේ වසංගතයෙන් පසු ලංකාව සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නැත. මන්ද මෙය අප සිතූ තරම් මාරාන්තික වසංගතයක් නොවන බැවිනි. ජන සමාජයක් මුළුමනින්ම පරිවර්තනය වීමට නම් එය බාහිර හෝ අභ්‍යන්තර […]

ප්‍රතිශක්තිය, මිත්‍යාව සහ විද්‍යාව සරලව

අර්බුද අවස්ථාවක ඒ ගැන ලිවීම ඉතාම අවදානම් වැඩකි. මන්ද මාගේ ජන්මාන්තර වෛරක්කාරයන් කට උල් කරගෙන ඉන්නේ මට බනින්නටය. එහෙත් සහෝදර ජනරජවැසියන්ගේ ප්‍රයෝජනය පිණිස සරල බසින් සත්‍යය පහදන එක නවත්වන්නේ නැත. පළමුව කිව යුත්තේ මා ජානවිද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යාව පිලිබඳ උපාධිධාරියෙකි. (සමාවෙන්න, එසේ නොකීවොත් බොහෝ අය පිළිගන්නේ […]

Menu