ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මාර පොරකි. ඔහු බියර් එකක්, වයින් වීදුරුවක් හෝ කිසිදු මත්පැන් වර්ගයක් බොන්නේ නැත. ඔහු කියන ආකාරයට ඔහු කිසිදා බීලත් නැත. ඇතැම් වෙබ් අඩවි කිහිපයක් එය බොරුවක් යැයි කීමට උත්සාහ දරා ඇතත් එවැනි කිසිදු නිශ්චිත සාක්ෂියක් නැත. 

ඔහු නොබොන්නේ ඇයි? ඔහුගේ වැඩිමහල් සහෝදරයා බීමට ඇබ්බැහි වී සිය ජීවිතය විනාශ කරගත් අයෙකි. ඔහු තම බාල සහෝදරයාට අවවාද කර ඇත්තේ කිසිදා මත්පැන් නොබොන ලෙසයි. ට්‍රම්ප් ඒ ඔවදන අකුරටම ක්‍රියාත්මක කර ඇත. 

ඇමරිකානු ධනේශ්වර සමාජයේ හිනිපෙත්තේම වැජඹෙන සෙල්ලක්කරයා, ලෝකයේ වටිනාම ඉඩම් හිමි ප්‍රකෝටිපතියා, ලෝකයේ වඩාත්ම ආන්දෝලනාත්මක රාජ්‍යය නායකයා මත්පැන් බොන්නේ නැත. එය ලොකු කතාවක් අපට කියයි.

එයින් ඇත්තටම පෙන්නුම් කරන්නේ ඔහුගේ පිටට පෙන්වන සරල චරිතයට යටින් ඇති සමාධිගත මිනිසාය. නොබී ඉන්න නම් පට්ට ධෛර්යයක් තිබිය යුතුය. මාර විනයක් තිබිය යුතුය. ඕනෑම සාදයක බොන උන් දාහක් මැද කොකාකෝලා පුරවපු වයින් වීදුරුවක් අතේ තියාගෙන ඇවිදින ගමන් කයිවාරු ගැසීම මාද ඕනෑ තරම් කර ඇති බැවින් ට්‍රම්ප් ගැන මට තරමක් හිතාගත හැකිය.

ට්‍රම්ප් යනු සුපිරි රැවටිලිකරයෙකි. ඔහු තරම් සමාජය රැවටීමට දක්ෂයෙක් මා දැක නැත. ඔහු සමාජයේ දුර්වලතාවයන් සහ හැකියාවන් හොඳින් හඳුනයි. ලෝක ජනමාධ්‍යය ඔහු සිය අල්ලේ නටවයි. ඔහුගේ එක ට්වීටයකින් මිලියන ගණනක් ඇමරිකානුවන් එකවර ට්‍රිගර් සහ මෝටිවෙට් කළ හැකිය. 

මා මෙතෙක් කල් සිතා සිටියේ ට්‍රම්ප් යනු ඇමරිකානු සිවිල් ආගමේ දේවපුත්‍රයා වන ඩීසී සුපර්මෑන්ගේ පරිසමාප්තය කියාය. නමුත් දැන් මට පැහැදිලි වන්නේ ට්‍රම්ප් යනු සැබැවින්ම සම්මත ලෝකය විනිවිද දකින ඩීසී “ජෝකර්ගේ” උත්කර්ෂය බවයි. 

ඔහු ඒ තරම් රැවටිල්ලෙහි දක්ෂයෙකි. මුළු ලෝකයම ඔහුව විහිළුවකට ගන්නට සලස්වා ඔහු හිතින් කියනවා ඇති “ජෝක් ඉස් ඔන් යු!” කියලා. ට්‍රම්ප් ටවර් එකේ ඒ හිනාව දෝංකාර දෙනවා ඇති.

ගිනිගේ
2020/5/1 

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu