එරන්ද ගිනිගේ – කතෘ, සමාජ ව්‍යවසායක, ඇත් පවුර සම-නිර්මාතෘ සහ Democracy Earth තානාපති

එරන්ද ගිනිගේ – ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයන්ගේ කේන්ද්‍රයේ නිර්මාතෘ, “ඇත් පවුර – සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම” සම-නිර්මාතෘ, සහ ඩිමොක්‍රසි අර්ත් (ලෝක ප්‍රජාතන්ත්‍රවාදය) පදනමේ ශ්‍රී ලංකාව සඳහා තානාපති (ගරු)

එරන්ද ගිනිගේ, වසර 2025 වනවිට ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසාය ක්ෂේත්‍රයක් ගොඩනැගීමේ පරමාර්ථයෙන් පිහිටවනු ලැබූ “සෝෂල් එන්ටර්ප්‍රයිස් ලංකා” හෙවත් “සමාජ ව්‍යවසායකයන්ගේ කේන්ද්‍රයේ” නිර්මාතෘවරයායි.

සමාජ ව්‍යවසායකත්වය පිළිබඳව සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රථම පොත “සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග – සමාජ ව්‍යවසායකයන්ගේ අත්පොත” කතෘ වන්නේ එරන්ද ගිනිගේ මහතාය.

තවද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව සරල බසින් ලියැවුණු, “ජනරජය” – ජනරජයේ වැසියන්ගේ අත්පොත කතෘ වන්නේද එරන්ද ගිනිගේ මහතාය.

USQ විශ්වවිද්‍යාලයෙන්, “ව්‍යාපාර සහ ව්‍යාපෘති කළමනාකරණය” පිලිබඳ පශ්චාත් උපාධියක් සහ ඉන්දියාවේ බැංගලෝර් සරසවියෙන් ජාන විද්‍යාව, ක්ෂුද්‍ර ජිව විද්‍යාව සහ ජිව රසායන විද්‍යාව පිලිබඳ ප්‍රථම උපාධියක්ද හිමි ඔහු තවත් බොහෝ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ලාභියෙකි. එරන්ද, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ “නව්‍යකරණ සහ සම්බන්ධතා හිටපු ප්‍රධානියාය”.

දේශීය මෙන්ම විදේශීය, පෞද්ගලික ක්ෂේත්‍රයේ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ වසර 14 කට වඩා අත්දැකීම් ඇති ඔහු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා “IDEATORS (අයිඩියේටර්ස්) – Next Generation Entrepreneurs” රූපවාහිනී වැඩසටහන,වාර්ෂික තරුණ ව්‍යවසාය සම්මාන, ‘2009 ජාතික ව්‍යවසාය සතිය’ වැනි ජාතික මට්ටමේ වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ දැකගත හැකි  සමාජ ව්‍යවසායකත්වයේ පිබිදීම ආරම්භ වන්නේ 2014 වසරේ එරන්ද විසින් සංවිධානය කළ “FUTURES (ෆියුචර්ස්) – Social Innovation Forum” වැඩසටහනත් සමගයි. ඔහු දැන් වැඩි කාලයක් ගත කරන්නේ අප රටේ සමාජ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ආරම්භ කර, දියුණු කිරීම සඳහා උදව් කිරීමටයි.

තිරසාර පැවැත්ම, සමාජ ව්‍යවසාය සහ ද්‍රව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දේශීය සහ විදේශීය සම්මන්ත්‍රණ වල නිතර කතා කරන සහ එම මාතෘකා ඔස්සේ මුද්‍රිත සහ වෙබ් මාධ්‍ය හරහා නිතර ලිපි ලියන එරන්ද, මේ දිනවල ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන “ඇත් පවුර – සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම” වැඩසටහනේ සම-නිර්මාතෘවරයායි.

ඔබේ ආයතනයේ හෝ ප්‍රදේශයේ දේශනයකට ආරාධනා කිරීමට කැමති නම් කරුණාකර පණිවිඩයක් එවන්න.

සමාජ ව්‍යවසායකයන්ගේ අත්පොත මිලදී ගැනීමට කරුණාකර මෙතනට එන්න.

English version

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker