Content tagged with fake news

5 Ways to Win a Presidential Election

You win or lose in a competition. An election is not a competition. There is no victory or defeat in a Democratic election, but only the decision of the citizens at a given time and space. However, most citizens of the Republic of Sri Lanka are not educated enough, wise enough or mature enough to understand these core concepts. Therefore let me use the same vulgar terms for the time being. I would like to present the following tactics for the benefit of the 35 candidates of the 2019 presidential election.

අපිට බයියො කියන්නේ ඇයි (සියලුම බයියන්ට අදාළ නොවේ)

මා දෙවැනි කඳවුරේ දේශපාලන මූලධර්ම විශ්වාස කරන බැවින් මාද බයියෙකි. දේශපාලන සාකච්ඡාවක් අතරතුර මාගේ මිතුරෙක් මට අපූරු කතාවක් කීවේය. “එරන්ද, අපිට බයියෝ කියන්න හේතුවක් තියෙනවා.” ඔහුගේ තර්කය වුනේ අපේ කඳවුරේ මිනිසුන් ලෙහෙසියෙන්ම රැවටිය හැකි අය නිසා අප “බයියන්” ලෙස හැඳින්වීම සාධාරණ බවයි. ඔහුගේ එම තර්කය කෙතරම් සත්‍යය දැයි අද මට වැටහී ඇත.

1983 මොකද වුනේ (නොදන්න අයට සහ අමතක අයට)

1983 ජූලි මස 23 වැනිදා සෙනසුරාදා රාත්‍රී 11.30 ට පමණ LTTE ත්‍රස්තවාදීන් විසින් යාපනයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි හමුදා භට පිරිසකට මග රැක සිට ප්‍රහාරයක් එල්ල කළා. එයින් එම අවස්ථාවේ සිටි හමුදාවේ 15 දෙනාම මිය ගියා. එම ප්‍රහාරය සඳහා වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ඇතුළු LTTE යේ ඉහළ නායකයන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වු බව ප්‍රසිද්ධ කරුණක්.

හමුදාවේ සම්ප්‍රදාය වන්නේ මියගිය රණවිරුවන්ගේ දේහයන් පවුලේ අයට බාර දී අවසන් කටයුතු ඔවුන්ගේ ගම් ප්‍රදේශවලම සිදු කිරීම. නමුත් එම දේහයන් පිලිබඳ අවසන් කටයුතු එකවර බොරැල්ල පොදු සුසාන භූමියේ සිදු කිරීමට JR තීරණය කළා. එවක අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස එම තීරණයට විරුද්ධ වුනේ එයින් අනවශ්‍ය කලබලයක් ඇති වේ යැයි බියෙන්. නමුත් JR තමන්ගේ තනි මතයට ප්‍රේමදාසව නිහඬ කළා. කැරළි මර්ධන ඒකකය බොරැල්ලේ ස්ථානගත කිරීමට නියෝග කෙරුණා.

ලංකාවේ දැකගත හැකි මාධ්‍යවේදියෝ 5 දෙනා

ලංකාවේ බොහෝ සමාජ, පාරිසරික, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික ගැටළු වලට ඍජුවම වගකිව යුත්තේ මෙරට ජනමාධ්‍ය මෙහෙයවන සහ ඒවායේ වැඩකරන මාධ්‍යවේදීන්මය. විචක්ෂණ බුද්ධියෙන් ලාංකීය ජනසමාජය දියුණු කිරීමේ සිය මාධ්‍ය යුතුකම දැන හෝ නොදැන පැහැර හරින ඉහත මාධ්‍යවේදීන් ජනතාපාලනයේ උග්‍ර සතුරෝය. ඔවුන් සහ ඔවුන්ගේ විගඩම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුය.

පශ්චාත්-යථාර්ථ ලංකාව

ශ්‍රී ලංකාව පශ්චාත්-යථාර්ථ සමාජයක් (Post-Truth Society) බවට පත් වී ඇති සැටියෙකි. තීරණ ගැනීමේදී අප තව දුරටත් සත්‍ය කරුණු-කාරණා පරිසිද්ධි සලකන බවක් නොපෙනේ.  ඒ වෙනුවට පුන-පුනා ප්‍රචාරය කරන හැඟීම්බර, ව්‍යාජ තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අප පෙළඹී තිබේ. අපගේ පෞද්ගලික විශ්වාසයන් පමණක්ම තහවුරු කරන, අප අසන්නට කැමති දේම නැවත-නැවත ඇසෙන-අස්සවන දෝංකාර […]

Post-Truth Lanka

Sri Lanka seems to have become a post-truth society. It seems we no longer make decisions based on facts. Instead we feed on the emotionalized, propagandist, repetitive, false information. We choose to live inside echo-chambers which support our personal beliefs and prejudices. We are all culprits as much as victims […]

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker