Content tagged with Nationality

YOU AIN’T BLACK

 “If you have a problem figuring out whether you’re for me or Trump, then you ain’t black” said Joe Biden to an interviewer last week. That racist remark by the US presidential candidate of the Democratic party has caused an uproar on social media. #YouAintBlack and #JoeBidenIsARacist were trending on […]

Language of the National Anthem

Since Sinhala and Tamil languages are both constitutionally “National” languages, and since they are both constitutionally “Official” languages, and since they are synonymous in lyrical meaning, and since they are sung in the identical musical composition there is absolutely no rational reason to not sing the Tamil translation of the anthem at official events of the State. And because the anthem is only meaningful when the singer understands the words, it should be allowed to be sung in their preferred language.

ජාතික ගීයේ භාෂාව

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ එය ගායනා කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික, නූතන සහ අනාගත තත්ත්වයන් අනුව මිස වෙනත් රාජ්‍යයන් කරන නොකරන පළියට නොවේ. ශ්‍රී ලංකාව යනු ජාතීන් දෙකක් අතර ඓතිහාසික අරගලයක් ඇති රාජ්‍යයකි. එය මහපොළොවේ සත්‍යයකි. එම අරගලය අනාගතයටත් ගෙන යෑමට කැස කවන්නේ ජේ.ආර්.ගේ දරුවන් සහ ඔවුන්ගෙන් උපදින බෙදුම්වාදීන් ය.

ධම්මික පෙරේරාගේ සහජීවනයට විසඳුම එරන්ද ගිනිගේ තාර්කිකව බිඳ දමයි

ඒ කෙසේ වෙතත් ධම්මික කියන ආකාරයට කිසිදු ආගමිකයෙක් උවමනාවෙන්ම කතෝලික, ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් අපායට යාමට හෝ, හින්දු නරකයට යාමට හෝ බෞද්ධ අපායයන් වලට යාමට උත්සාහ කරන බව පිළිගත නොහැකි විකාර කතාවකි. එමෙන්ම ජාතීන් හෝ ආගමිකයන් අතර අසමගිය ඇති කරන සියලු දෙනා එසේ කරන්නේ අපායට යන්න උත්සාහ කිරීමට යැයි කීම පදනම් විරහිත ප්‍රකාශයකි. බොහෝ විට ආගමික ගැටුම් ඇතිවන්නේම ස්වර්ගයට යාමට ඇති උත්සාහය නිසාය. උදාහරණයක් හැටියට ඉස්ලාම්වාදීන්, අන්‍යාගමිකයන් මරාගෙන මැරෙන්නේ ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව එයින් ස්වර්ගයට යාමට හැකි නිසාය.එම නිසා ජාතික සහජීවනය සඳහා ධම්මික ඉදිරිපත් කරන විසඳුමේ පදනමම බොරුවකි.

පා.ම. සුමන්තිරන්ට විවෘත ලිපියක්

ඔබතුමා සහ මා සපුරා වෙනස් පරම්පරා දෙකකය. ඔබ මගේ මාමලාගේ පරම්පරාවේය (අවාසනාවට මගේ මාමලා සහ මා නිතරම ගැටේ). ඔබ 70 වේ දරුවෙකි. මා 90 වේ දරුවෙකි. සමාජ විද්‍යාවට අනුව ඔබ X පරම්පරාවේය. මා Y පරම්පරාවේ හෙවත් සහස්‍රයේ දරුවෙකි. ඔබ උපන්නේ බ්‍රිතාන්‍ය රැජිණගේ ආධිපත්‍යය යටතේ පැවති ඩොමිනියන් ඔෆ් සිලෝන් වලටය. මා උපන්නේ නිදහස්, ස්වෛරී, ස්වාධීන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයටය. වර්ණ රූපවාහිනිය, මයික්‍රොසොෆ්ට් ඔෆීසිය, ජංගම දුරකථනය, විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාලය අපට හඳුන්වා දෙන්නේ අප දෙදෙනාගේ ජිවිතවල වෙනස් වකවානුවලය.

එක ජාතියක් – බෙදුණු රටක් | විවිධ ජාති – එක රටක්

අපේ රටේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කළ යුතු අලුත් සංවර්ධනයේ එකම පදනම, අනිවාර්යය පරමාර්ථය සහ සදාකාලික සිද්ධාන්තය විය යුත්තේ “ශ්‍රී ලංකාව ලෙස හඳුන්වන මේ භූමිය සහ එහි ඇති සියලු ජීවී-අජීවී සම්පත්, අනාගතයේ උපදින සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත්, මතු මේ භූමියේ උපදින සියලු දරුවන්ටත් අද තිබෙනවාටත් වඩා හොඳින් […]

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker