Content tagged with Regime Change

පරම්පරා ඝාතකයෝ සහ සහස්‍රයේ දරුවන්

අපේ පරම්පරාව එසේ නායකත්වයට එන්නේ ඉහත අහිමි කළ පරම්පරාව පන්නා ගෙනය. එම නිසා ඊළඟ දශකය පරම්පරා කම්පනයක් ඇති කරනු ඇත. අද ඉතිරි වී සිටින වයසක මිනිසුන් ස්වභාවිකව මිය යනු ඇත. අවශේෂ 70 වේ දරුවෝ පසු බා යනු ඇත. නමුත් මේ අතිශය වැදගත් පරම්පරාවේ නැගීම මර්ධනය කිරීමට අර පරණ අවතාර උත්සාහ කරමින් තිබේ. 88-89 භීෂණයේ සාතනික පියාගේ සාපලත් පුත්‍රයාත්, ජාතික සළුපටින් දත් වසාගත් ෆැසිවැදී ඩ්‍රැකියුලා කුමාරයත්, ජනරජය සදා පාගා දමන බටහිර රෙජීම් චේන්ජ් ඒජන්තවරුත් උන්ගේ කුමන්ත්‍රණය නැවත ක්‍රියාත්මක කරමින් තිබේ. 

අයර්ලන්තය, ව්‍යවස්ථාව සහ බෙදුම්වාදය

මේ දිනවල කිසියම් ජනපති අපේක්ෂකයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාව අහෝසි කොට ඔහු විසින් ඉදිරිපත් කර ඇති යම් අලුත් ව්‍යවස්ථාවක් වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටී. ඒ සඳහා එළඹෙන ජනපතිවරණය ඔහුගේ ව්‍යවස්ථාව වෙනුවෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සලකන බවත්, ඒ අනුව ඔහුට බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබුනහොත් එය ජනතාව විසින් […]

බදුර්දීන් සහ රෙජීම් change

සිංහල සහ දෙමළ සමාජය තුළ හැත්තෑ ගණන් වල ඉඳලම “බදුර්දීන්” කියන නමට අමුතුම විරෝධයක් තියෙනවා. නමුත් “බදුර්දීන්” කියලා කෙනෙක් ඇත්තටම නැහැ. හරි නම තමයි “බදිඋදීන්”. ඒක බදුර්දීන් වුනේ කොහොමද කියල මට හරියටම කියන්න බැහැ. සමහර විට “උ”යන්න මැදට එන වචන සිංහලට නුහුරු නිසා වෙන්න පුළුවන්. කොහොම වුනත් ඒ සියුම් සමාජ […]

ඇතුළේ සතුරා

දිනය මැයි 13 වැනි සඳුදා. “අසාත් සාලි සහ බදුඋදීන් වැනි මුස්ලිම් නායකයන්ගේ සහාය ලැබෙන ජනපති අපේක්ෂකයාට අපේ සහාය නැහැ.” – මාධ්‍ය ඉස්සරහා ප්‍රසිද්ධියේ එහෙම කිව්වේ උදය ගම්මන්පිල. උදය සමග මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහුගේ එම තර්ජනාත්මක කොන්දේසියත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ වෙලාවේ උදය සහ ඔහුගේ ක්ෂුද්‍ර පක්ෂය […]

ඉස්ලාම්වාදය සහ රෙජීම් change

ඇෆ්ගන්-සෝවියට් යාළුකම නොරිස්සූ අසල්වැසියා පකිස්ථානයයි. එය හරියට අද ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය නොරිස්සන අසල්වැසියා ඉන්දියාව වීම වැනිය. ඇමරිකාව එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් පකිස්ථාන බුද්ධි අංශය හරහා ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම්වාදී කල්ලි නිර්මාණය කරන්නට විය.

එම ඉස්ලාම්වාදීන් හැඳින්වූයේ මුජහිදීන් (Mujahideen) යනුවෙනි. එහි තේරුම “ජිහාඩයේ යෙදෙන්නා” යන්නයි. ජිහාඩ් යනු ඉස්ලාම් ආගමට විරුද්ධවාදීන් සමග කරන සටනයි. ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් ක්‍රියාත්මක කළ “කුණාටු මෙහෙයුම” (Operation Cyclone) නමින් හැඳින්වූ එම රෙජීම් change ව්‍යාපෘතිය සඳහා අවිගත් මුජහිදීන් ඉස්ලාම්වාදී කල්ලිවලට සහාය දැක්වූ තවත් ඇමරිකානු සගයෙක් විය. ඒ සෞදි අරාබියයි.

ඇමරිකාව සහ සෞදිය එක්ව ඩොලර් බිලියන ගණනක් මෙම රෙජීම් change ව්‍යාපෘතියට ආයෝජනය කර තිබේ. ඇමරිකානු අවි ආයුධ, යුධ පුහුණුව සහ මුජහිදීන් නායකයන්ට පිරිස් බඳවා ගැනීමට සන්තෝසම් ලෙස ඩොලර් කුට්ටි ලෙස එම මුදල් ආයෝජනය කෙරිණි. තලිබාන්, අල්-කයීඩා සහ අයිසිස් ඇතුළු සියලු නූතන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ උපත එසේ සිදු විය.

දෙව්දත් සහ රෙජීම් change

දැන් බුදුන් වහන්සේ මැදි වුනේ ද්විත්ව බන්ධන උගුලකට. දේවදත්තගේ යෝජනා පිළිගත්තොත් දේවදත්ත ගිහිල්ලා භික්‍ෂූන්ට කියනවා “ඔන්න පේනවා නේද? ශ්‍රමණ ගෞතම භික්‍ෂූන්ට දැඩි විනය නීති දානවා. ඔහොම විමුක්තිය ලබන්න බැහැ. ඒ නිසා මාත් එක්ක එන්න.” කියලා එදා භික්ෂූන්ගෙන් කොටසක් අනිවාර්යයෙන්ම කඩා ගෙන යනවා. දේවදත්තගේ යෝජනා නොපිළිගත්තොත්, දේවදත්ත භික්‍ෂූන්ට කියනවා “ඔන්න පේනවා නේද? අල්පේච්ඡ බව ගැන බණ කිව්වට ශ්‍රමණ ගෞතම සැපයට ගිජුයි. ඔහොම විමුක්තිය ලබන්න බැහැ. එන්න මාත් එක්ක” කියලා කොටසක් කඩාගෙන යනවා.

මේ උපක්‍රමයෙදි ඔබ මොන පැත්ත ගත්තත් ඔබ පරාදයි. ඒකට කියනවා “පරාද-පරාද” (lose-lose) ක්‍රමය කියලත්. උදාහරණයක් හැටියට රජයේ වෛද්‍යවරු තමන්ගේ පඩි වැඩි කරන්න කියලා වැඩ වර්ජනය කිරීම ජනතාව වන අපට “ද්විත්ව බන්ධනයක්”. පඩි වැඩි කළොත් ඒ වියදම පියවා ගැනීමට ආණ්ඩුව අපිට බදු ගහනවා. පඩි වැඩි නොකළොත් බෙහෙත් ගන්න බැරුව අපි දුක් විඳලා මැරෙනවා. මේ ක්‍රමය රජයේ සහ පෞද්ගලික ආයතන ඇතුළේ, දේශපාලන පක්ෂ ඇතුළේ නිතර භාවිතා වෙන ටක්කෙට වැඩ කරන චිත්ත උපක්‍රමයක්.

අධිකරණය සහ රෙජීම් Change

අධිකරණය, නීතිය, විනිසුරුවන් සහ නීතිඥයන් ගැන ජනතාව බොහෝ විට ඉන්නේ දෙගිඩියාවෙන්. එක පැත්තකින් තමන්ට අසාධාරණයක් වුනාම තමන්ව ආරක්ෂා කරයි කියන විශ්වාසය සහ ගෞරවය. අනෙක් පැත්තෙන් තමන් අතින් වැරැද්දක් වුනාම තමන්ට දඬුවම් කරයි කියන බය. ඒක තමයි මිනිස් ස්වභාවය. මෙන්න මේ මිනිස් දුර්වලතාවය නියමෙට පාවිච්චි කරනවා රෙජීම් change ඒජන්ට්ස්ලා.

රාජ්‍යයක අධිකරණය බිඳ දමන්න හොඳම ක්‍රමය තමයි ඒ කෙරෙහි ජනතාව බිඳවන එක. එතකොට ඒ ජනතාවම ඔවුන්ගේ අධිකරණය ප්‍රතික්ෂේප කරනවා. අධිකරණයට ගහන්න ඕනා නම් ඒකට තෝරාගත යුතු සුදුසුම කෙනා කවුද? ඒකට සුදුසුම කෙනා තමයි ඒ අධිකරණ පද්ධතියේම මිනිහෙක්. ඒක හරියට බෞද්ධාගමට ගහන්න ඕන වුනාම ඥානසාර වගේ භික්ෂුවක් භාවිතා කරනවා වගේ. අපට පෙනෙනවා කලක සිට කිසිම වැදගත් නඩුවක් දිනලා නැති එක්තරා ආගන්තුක පෙරකදෝරුවෙක් දිගට හරහට අපේ අධිකරණයට ගහනවා. නීතිය පසිඳලන විනිසුරුවන්ට ගරහනවා. ඔහු පුන පුනා, හැපි හැපී, පස් කකා කියනවා ශ්‍රී ලංකාවේ අධිකරණය අන්තිම දූෂිතයි කියලා.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker