Content tagged with Society

The lost generation and the rise of the millennials

My generation rise to leadership by skipping the leadership gap of the above lost generation. Therefore it will bring a great culture shock. The old generation will soon be removed by nature. The remnant children of the 70’s will retreat. But the old ghosts are back in action to stop the millennials. The cursed son of the Satanic father of 88-89 and the fascist Prince wrapped in a white National cape, and the regime change agents who suppress the Republic forever are all acting together in conspiracy.

පරම්පරා ඝාතකයෝ සහ සහස්‍රයේ දරුවන්

අපේ පරම්පරාව එසේ නායකත්වයට එන්නේ ඉහත අහිමි කළ පරම්පරාව පන්නා ගෙනය. එම නිසා ඊළඟ දශකය පරම්පරා කම්පනයක් ඇති කරනු ඇත. අද ඉතිරි වී සිටින වයසක මිනිසුන් ස්වභාවිකව මිය යනු ඇත. අවශේෂ 70 වේ දරුවෝ පසු බා යනු ඇත. නමුත් මේ අතිශය වැදගත් පරම්පරාවේ නැගීම මර්ධනය කිරීමට අර පරණ අවතාර උත්සාහ කරමින් තිබේ. 88-89 භීෂණයේ සාතනික පියාගේ සාපලත් පුත්‍රයාත්, ජාතික සළුපටින් දත් වසාගත් ෆැසිවැදී ඩ්‍රැකියුලා කුමාරයත්, ජනරජය සදා පාගා දමන බටහිර රෙජීම් චේන්ජ් ඒජන්තවරුත් උන්ගේ කුමන්ත්‍රණය නැවත ක්‍රියාත්මක කරමින් තිබේ. 

ධම්මික පෙරේරාගේ සහජීවනයට විසඳුම එරන්ද ගිනිගේ තාර්කිකව බිඳ දමයි

ඒ කෙසේ වෙතත් ධම්මික කියන ආකාරයට කිසිදු ආගමිකයෙක් උවමනාවෙන්ම කතෝලික, ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් අපායට යාමට හෝ, හින්දු නරකයට යාමට හෝ බෞද්ධ අපායයන් වලට යාමට උත්සාහ කරන බව පිළිගත නොහැකි විකාර කතාවකි. එමෙන්ම ජාතීන් හෝ ආගමිකයන් අතර අසමගිය ඇති කරන සියලු දෙනා එසේ කරන්නේ අපායට යන්න උත්සාහ කිරීමට යැයි කීම පදනම් විරහිත ප්‍රකාශයකි. බොහෝ විට ආගමික ගැටුම් ඇතිවන්නේම ස්වර්ගයට යාමට ඇති උත්සාහය නිසාය. උදාහරණයක් හැටියට ඉස්ලාම්වාදීන්, අන්‍යාගමිකයන් මරාගෙන මැරෙන්නේ ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව එයින් ස්වර්ගයට යාමට හැකි නිසාය.එම නිසා ජාතික සහජීවනය සඳහා ධම්මික ඉදිරිපත් කරන විසඳුමේ පදනමම බොරුවකි.

බදුර්දීන් සහ රෙජීම් change

සිංහල සහ දෙමළ සමාජය තුළ හැත්තෑ ගණන් වල ඉඳලම “බදුර්දීන්” කියන නමට අමුතුම විරෝධයක් තියෙනවා. නමුත් “බදුර්දීන්” කියලා කෙනෙක් ඇත්තටම නැහැ. හරි නම තමයි “බදිඋදීන්”. ඒක බදුර්දීන් වුනේ කොහොමද කියල මට හරියටම කියන්න බැහැ. සමහර විට “උ”යන්න මැදට එන වචන සිංහලට නුහුරු නිසා වෙන්න පුළුවන්. කොහොම වුනත් ඒ සියුම් සමාජ […]

ටොයියන් හඳුනා ගනිමු

මම බයියෙක්මි. එනම් දේශීය සමාජ-සංස්කෘතික ප්‍රතිපත්ති, සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති, සහ පෙරදිගට බර විදේශ ප්‍රතිපත්ති දරන දේශපාලන කඳවුරේ එකෙකි. ටොයියා යනු නූතනලිබරල් සමාජ-සංස්කෘතික ප්‍රතිපත්ති, ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති, සහ බටහිරට බර විදේශ ප්‍රතිපත්ති දරන එකෙකි. එම ප්‍රතිපත්තිමය නිර්වචනය බර වැඩි අයගේ පහසුව සඳහා: මා පොහොට්ටුවේ සාමාජිකයෙකි; රාජපක්ෂලාගේ වහලෙකි; ගෝඨාභයගේ මිනිහෙකි. ටොයියා එජාපයේ […]

අපිට බයියො කියන්නේ ඇයි (සියලුම බයියන්ට අදාළ නොවේ)

මා දෙවැනි කඳවුරේ දේශපාලන මූලධර්ම විශ්වාස කරන බැවින් මාද බයියෙකි. දේශපාලන සාකච්ඡාවක් අතරතුර මාගේ මිතුරෙක් මට අපූරු කතාවක් කීවේය. “එරන්ද, අපිට බයියෝ කියන්න හේතුවක් තියෙනවා.” ඔහුගේ තර්කය වුනේ අපේ කඳවුරේ මිනිසුන් ලෙහෙසියෙන්ම රැවටිය හැකි අය නිසා අප “බයියන්” ලෙස හැඳින්වීම සාධාරණ බවයි. ඔහුගේ එම තර්කය කෙතරම් සත්‍යය දැයි අද මට වැටහී ඇත.

ත්‍රස්තවාදය නැවත ආවේ කොහොමද

එජාපය කොහොමත් බුද්ධි අංශ සමග තියෙන්නේ බද්ධ වෛරයක්. ඔබට මතක ඇති 2001 දෙසැම්බර් මහමැතිවරණයෙන් ඔවුන් ආණ්ඩුව ගත්ත ගමන්ම කළේ මිලේනියම් සිටී නිවසක රහසිගතව ස්ථානගත කර තිබූ හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත ඒ සියලු නම් ගම් හෙළි කිරීම. ඒ පාවාදීමෙන් පස්සේ එල්ටීටීය අපේ බුද්ධි අංශ නිලධාරීන් පන්න පන්න මරලා දැම්මා. 2000න් පස්සේ ඉපදිච්ච දරුවෝ මේවා ගැන දන්නේ නැතුව ඇති.

2015 යහපාලන ආණ්ඩුව පත් වීමත් සමගම නැවතත් බුද්ධි අංශය මුළුමනින්ම විනාශ කිරීම සිදු කළේ වික්‍රමසිංහ ආණ්ඩුවයි. ඇතැම් හමුදා බුද්ධි අංශ නිලධාරීන් බොරු චෝදනා මත සිරගත කළා. කීර්තිමත්, දක්ෂ, අවංක නිලධාරීන් සේවයෙන් ඉවත් කළා. බුද්ධි අංශය විසින් සපයන තොරතුරු අවඥයාවෙන් බැහැර කළා. එයින් සිදු වුනේ එම නිලධාරීන් දුර්මුඛ වීමයි. රටක බුද්ධි අංශය එසේ දුර්වල කළ පසු ත්‍රස්තවාදී අනතුරු ගැන දැනගන්නේ කෙසේද?

ඇතැමුන් දැන් මට චෝදනා කරයි මේ ඛේදවාචකය අස්සේ දේශපාලනය කතා කරනවා කියා. එහෙම කියන්නේ ඊනියා යහපාලනයට ඡන්දය දීමෙන් තමන් වරදක් කළාය කියා තමන්ගේම හිත කියන බාලයන් නිසා එම අවලාද අලුයම කෙළ පිඩක් මම සේ බැහැර කරමි. ඔබ මට කොතරම් බැන්නත් මේ මහපොළොවේ සත්‍යය ගැන කතා කරන එක, ලියන එක මා නවත්වන්නේත් නැහැ.

පශ්චාත්-යථාර්ථ ලංකාව

ශ්‍රී ලංකාව පශ්චාත්-යථාර්ථ සමාජයක් (Post-Truth Society) බවට පත් වී ඇති සැටියෙකි. තීරණ ගැනීමේදී අප තව දුරටත් සත්‍ය කරුණු-කාරණා පරිසිද්ධි සලකන බවක් නොපෙනේ.  ඒ වෙනුවට පුන-පුනා ප්‍රචාරය කරන හැඟීම්බර, ව්‍යාජ තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අප පෙළඹී තිබේ. අපගේ පෞද්ගලික විශ්වාසයන් පමණක්ම තහවුරු කරන, අප අසන්නට කැමති දේම නැවත-නැවත ඇසෙන-අස්සවන දෝංකාර […]

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker