Content tagged with Sri Lanka

මහමැතිවරණය පැවැත්විය යුත්තේ ඇයි? සරලව

මහමැතිවරණය යනු ජනරජයේ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවට සාමාජිකයන් 196 දෙනෙකු (මන්ත්‍රීවරුන්) සර්වජන ඡන්දයෙන් තෝරා ගන්නා වරණය යි. 196 හැදෙන්නේ දළ වශයෙන් සෑම වැසියන් 80,000 කට පමණ එක නියෝජිතයෙකු සිටිය යුතුය යන ආවස්ථික පදනම මතය. ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් මිලියන 16 ක් පමණ සිටී. එය 196 න් බෙදූ විට 82,000 ක් පමණ අගයක් […]

2020 ලංකාව – පූර්විකා 1

“පවතින තත්ත්වයට හැඩ ගැසීමට පුදුම හැකියාවක් මිනිසාට ඇත” යැයි ආතර් සී. ක්ලාර්ක් මහතාගේ පොතක ලියා තිබුනා මට මතකය. මා හිතන හැටියට මේ වසංගතයෙන් පසු ලංකාව සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නැත. මන්ද මෙය අප සිතූ තරම් මාරාන්තික වසංගතයක් නොවන බැවිනි. ජන සමාජයක් මුළුමනින්ම පරිවර්තනය වීමට නම් එය බාහිර හෝ අභ්‍යන්තර […]

ගෝඨාභය ජනපතිට විවෘත ලිපියක්

දුටුගැමුණු කුමාරයා වරක් සටනකින් පැරදී පළා යන අතරමග පැල්පතක විසූ මැහැල්ලක විසින් උයා දුන් උණු බත් කෑ කතාවක් සිංහල ජනප්‍රවාදයේ ඇත. එහෙන් මෙහෙන් උණු බත් අල්ලන විට අත පිච්චෙන සැටි දුටු මැහැල්ල “පුතේ නුඹත් බත් කන්නේ අපේ ගැමුණු කුමාරයා යුද්ධ කරන්නා වගේය” යැයි කියූ බවත් “පර්යන්තයෙන් පටන් ගෙන ක්‍රමයෙන් මැදට කෑ යුතු යැයි” ඇය ඉගැන්වූ බවත්, එම මහඟු උපදෙසින් දුටුගැමුණු කුමාරයා සිය ජයග්‍රාහී යුධ සැලැස්ම සැකසු බවත් මා කුඩා කළ අසා ඇත.

ඔබතුමා ජනපති ලෙස තේරී අදට දින හැටක් ගත වී ඇත. මේ කාලය තුළ ඔබතුමා කටයුතු කරන ආකාරය දෙස බලා සිටින මා හට අර මැහැල්ලගේ කතාව සිහියට එයි. ඔබතුමාත් ජනපතිකම කරන්නේ ගැමුණු කුමාරයා උණු බත් කෑ ලෙසටය. එනම් ඔබතුමා දිගුකාලීන සැලසුමක් අනුව පියවරෙන් පියවර යන බවක් පෙනෙන්නේ නැත. එහෙන් මෙහෙන් එදාට එදාට එක එක අය කියන කියන දේවල් අනුව කටයුතු කරන බවක් පෙනේ. මා වැරදි විය හැකිය. නමුත් සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මා දකින දෙය එයයි.

Language of the National Anthem

Since Sinhala and Tamil languages are both constitutionally “National” languages, and since they are both constitutionally “Official” languages, and since they are synonymous in lyrical meaning, and since they are sung in the identical musical composition there is absolutely no rational reason to not sing the Tamil translation of the anthem at official events of the State. And because the anthem is only meaningful when the singer understands the words, it should be allowed to be sung in their preferred language.

ජාතික ගීයේ භාෂාව

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ එය ගායනා කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික, නූතන සහ අනාගත තත්ත්වයන් අනුව මිස වෙනත් රාජ්‍යයන් කරන නොකරන පළියට නොවේ. ශ්‍රී ලංකාව යනු ජාතීන් දෙකක් අතර ඓතිහාසික අරගලයක් ඇති රාජ්‍යයකි. එය මහපොළොවේ සත්‍යයකි. එම අරගලය අනාගතයටත් ගෙන යෑමට කැස කවන්නේ ජේ.ආර්.ගේ දරුවන් සහ ඔවුන්ගෙන් උපදින බෙදුම්වාදීන් ය.

How to select Top Officials to Public Corporations

It is commendable that the President wants to select suitable decision-makers to Public Corporations without them being mere and ad-hoc political appointments. However, the process thus far seems somewhat weak. Various people are complaining about the process. There had been some embarrassing withdrawals after appointments. And there is an unacceptable […]

New Cabinet of Ministers – How to make?

A new Cabinet of Ministers being appointed after the presidential election is inevitable. It is not only fair but also constitutional. However, it must be done intelligently and with understanding. Otherwise, the people’s decision on the 16th of November 2019 could be devalued. There are two main phases when appointing […]

සජිත් මහතාට විවෘත ලිපියක්

මහින්ද රාජපක්ෂ මහතා අධිවේගී මාර්ග හදන විට ඔබ තවමත් පරණ තාලේ පුංචි ගෙවල්ම හදමින් සිටියේ ය. ගෝඨාභය මහතා කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය කරන විට ඔබ තවමත් කිසිදු පිළිවෙලක් නැති, මඩ බොරළු පාරවල් එහේ මෙහේ දුවන, අසංවිධිත ගම්මාන හදමින්, ඒවාට හාස්‍ය උපදවන නම් තබමින් සිටියේ ය. ඔබට පෙන්වන්නට ඇත්තේ ඔබේ ගෙවුණු පාවහන් පමණී. ඔබ ඔබට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ, සජිත් මහත්මයා.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker