Content tagged with Sri Lanka

ගෝඨාභය මහතාට විවෘත ලිපියක්

ගෝඨාභය මහත්මයාණෙනි, මේ ලබන දශකය ජනරජයට ඉතාම වැදගත් දශකයක්. මේ දශකයේ දී තමයි මා ද අයත් වන සහස්‍රයේ පරම්පරාව සිය ජීවිතයේ හතරවන දශකයට එළඹෙන්නේ. එනම් සමාජයේ, ව්‍යාපාර ක්ෂේත්‍රයන් හී, අධ්‍යාපනයේ, කලාවේ, ආගමේ, දේශපාලනයේ නායකත්වය ඔබලාගේ පරම්පරාවෙන් අපේ පරම්පරාවට මාරු වෙන දශකය තමයි 2020-2030. ඒ සංක්‍රාන්ති සමය නිවැරදිව හැසිරවීමට නම් අත්දැකීම් බහුල, ඥානවන්ත, දූරදර්ශී නායකයෙක් අපට අවශ්‍යයි. මේ මහඟු අවස්ථාව නිවැරදිව කළමනාකරණය කිරීමට නම් එම වයසේ දරුවන් සිටින පරිණත පීතෘ චරිතයක් අපට අවශ්‍යයි. අපේ මෑත ඉතිහාසයේ ඇතැම් දුර්වල සහ දුෂ්ට නායකයන් විසින් සිදු කළ වැරදි මෙතැනදීත් සිදු වුව හොත් එය ජනරජයට තවත් දරුණු පරම්පරා හානියකි.

The lost generation and the rise of the millennials

My generation rise to leadership by skipping the leadership gap of the above lost generation. Therefore it will bring a great culture shock. The old generation will soon be removed by nature. The remnant children of the 70’s will retreat. But the old ghosts are back in action to stop the millennials. The cursed son of the Satanic father of 88-89 and the fascist Prince wrapped in a white National cape, and the regime change agents who suppress the Republic forever are all acting together in conspiracy.

පරම්පරා ඝාතකයෝ සහ සහස්‍රයේ දරුවන්

අපේ පරම්පරාව එසේ නායකත්වයට එන්නේ ඉහත අහිමි කළ පරම්පරාව පන්නා ගෙනය. එම නිසා ඊළඟ දශකය පරම්පරා කම්පනයක් ඇති කරනු ඇත. අද ඉතිරි වී සිටින වයසක මිනිසුන් ස්වභාවිකව මිය යනු ඇත. අවශේෂ 70 වේ දරුවෝ පසු බා යනු ඇත. නමුත් මේ අතිශය වැදගත් පරම්පරාවේ නැගීම මර්ධනය කිරීමට අර පරණ අවතාර උත්සාහ කරමින් තිබේ. 88-89 භීෂණයේ සාතනික පියාගේ සාපලත් පුත්‍රයාත්, ජාතික සළුපටින් දත් වසාගත් ෆැසිවැදී ඩ්‍රැකියුලා කුමාරයත්, ජනරජය සදා පාගා දමන බටහිර රෙජීම් චේන්ජ් ඒජන්තවරුත් උන්ගේ කුමන්ත්‍රණය නැවත ක්‍රියාත්මක කරමින් තිබේ. 

ජනපතිවරණයකින් පරදින ක්‍රම 5 ක්

ජනපතිවරණයකින් පරදින ක්‍රම 5 ක්  ජනතාපාලනය ඇති ජනරජයක පවත්වන වරණයක ‘ජයක්’ හෝ ‘පරාජයක්’ හෝ නොමැත. ඇත්තේ යම් අවස්ථාවක ගන්නා ජනතා තීරණ පමණී. නමුත් තවම ලංකාවේ (සහ බොහෝ රටවල) ඇත්තේ ජනප්‍රියවාදය සහ පක්ෂපාලනයයි. එවැනි නොදියුණු තත්ත්වයක් යටතේ හුදී ජනයාට “වරණය” යනු ජය-පරාජය සහිත සෙල්ලමකි. එම සෙල්ලම දිනන ආකාරය බොහෝ පණ්ඩිතයෝ විග්‍රහ […]

මව මරා උපන් කුමරා

“ජාතික ප්‍රශ්නය” යනු සමාජවාදය අසරණම වන තැනයි. “වැඩකරන ජනතාවට රටක් නැත” යනුවෙන් ලියූ කාල් මාක්ස් “ජාතික රාජ්‍යය” යනු ධනවාදී බොර්ජුආසීන්ගේ මාර්කට් නිර්මාණයක් ලෙස ප්‍රතික්ෂේප කෙළේය. ජලයේ ඔබන රබර් බෝලයක් උඩුකුරුව පොලා පනින්නා සේම මතුවන ජාතික ප්‍රශ්නය නොරිස්සූ ව්ලැදිමීර් ලෙනින් “ජාතික” නමින් කිසිදු සටන් පාඨයක් නොලිය යුතු යැයි නිර්ධන පන්තියට අණ […]

අයර්ලන්තය, ව්‍යවස්ථාව සහ බෙදුම්වාදය

මේ දිනවල කිසියම් ජනපති අපේක්ෂකයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාව අහෝසි කොට ඔහු විසින් ඉදිරිපත් කර ඇති යම් අලුත් ව්‍යවස්ථාවක් වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටී. ඒ සඳහා එළඹෙන ජනපතිවරණය ඔහුගේ ව්‍යවස්ථාව වෙනුවෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සලකන බවත්, ඒ අනුව ඔහුට බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබුනහොත් එය ජනතාව විසින් […]

ධම්මික පෙරේරාගේ සහජීවනයට විසඳුම එරන්ද ගිනිගේ තාර්කිකව බිඳ දමයි

ඒ කෙසේ වෙතත් ධම්මික කියන ආකාරයට කිසිදු ආගමිකයෙක් උවමනාවෙන්ම කතෝලික, ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් අපායට යාමට හෝ, හින්දු නරකයට යාමට හෝ බෞද්ධ අපායයන් වලට යාමට උත්සාහ කරන බව පිළිගත නොහැකි විකාර කතාවකි. එමෙන්ම ජාතීන් හෝ ආගමිකයන් අතර අසමගිය ඇති කරන සියලු දෙනා එසේ කරන්නේ අපායට යන්න උත්සාහ කිරීමට යැයි කීම පදනම් විරහිත ප්‍රකාශයකි. බොහෝ විට ආගමික ගැටුම් ඇතිවන්නේම ස්වර්ගයට යාමට ඇති උත්සාහය නිසාය. උදාහරණයක් හැටියට ඉස්ලාම්වාදීන්, අන්‍යාගමිකයන් මරාගෙන මැරෙන්නේ ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව එයින් ස්වර්ගයට යාමට හැකි නිසාය.එම නිසා ජාතික සහජීවනය සඳහා ධම්මික ඉදිරිපත් කරන විසඳුමේ පදනමම බොරුවකි.

මාතලේ වියත්මග දේශනය සහ අදාළ රූප සටහන්

“නායකයෙක් හුදෙක් අනුකරණය නොකර, අනුගමනය කරන්න නම් ඔබ එම නායකයාගේ අනාගත දැක්ම, ප්‍රතිපත්ති, ගුණාංග සහ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා ඇති සාර්ථකත්වයන් අවබෝධ කරගත යුතුයි.” 2019 ජූනි මස 22 වැනිදා මාතලේ පැවති වියත්මග සම්මන්ත්‍රණ මාලාවේ එරන්ද ගිනිගේ මහතා විසින් සිදු කළ දේශනය සහ අදාළ රූපරාමු.

බදුර්දීන් සහ රෙජීම් change

සිංහල සහ දෙමළ සමාජය තුළ හැත්තෑ ගණන් වල ඉඳලම “බදුර්දීන්” කියන නමට අමුතුම විරෝධයක් තියෙනවා. නමුත් “බදුර්දීන්” කියලා කෙනෙක් ඇත්තටම නැහැ. හරි නම තමයි “බදිඋදීන්”. ඒක බදුර්දීන් වුනේ කොහොමද කියල මට හරියටම කියන්න බැහැ. සමහර විට “උ”යන්න මැදට එන වචන සිංහලට නුහුරු නිසා වෙන්න පුළුවන්. කොහොම වුනත් ඒ සියුම් සමාජ […]

Menu